ශ්‍රී ලංකාවේ පරිවර්ථනයට සහය දක්වනවා

ශ්‍රී ලංකාවේ පරිවර්ථනයට සහය දක්වනවා

February 7, 2015   09:10 am




ශ්‍රී ලංකාවේ සිදුවන පරිවර්ථනය සඳහා අමෙරිකාවේ සහය දක්වන බව එරට ජාතික ආරක්ෂක උපදේශක සුසාන් රයිස් පවසයි.

ඇය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ තවදුරටත් විවෘත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිවීම සඳහා අමෙරිකාවේ සහයෝගය දක්වන බවයි.

බුරුමය,  ටියුනීසියාව මෙන්ම ශ්‍රී ලංකාවේ ද වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටපිටාවක්   බිහි කිරීමේ අවශයතාවක් පවතින බව සුසාන් රයිස් පෙන්වා දෙයි.

පශ්චාත් යුද  කලීන ප්‍රතිසන්ධාන  වැඩපිළිවෙළක් මෙන්ම පැහැදිලි වගවීමේ  ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත විය යුතු බව  ඇය පවසයි.

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ ජාතික ආරක්ෂක නව උපාය මාර්ග සම්බන්ධයෙන්  දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී එරට ජාතික ආරක්ෂක උපදේශක සුසාන් රයිස් මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

එහිදී ඇය තවදුටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මෙම පරිවර්ථනය සිදුවීම සඳහා අවශ්‍ය ධනාත්මක පියවර රැසක් නව රජය විසින් ගෙන ඇති බවයි.