පාවහන් වෙළඳසැල් 2ක් ගිනිගෙන විනාශයි

පාවහන් වෙළඳසැල් 2ක් ගිනිගෙන විනාශයි

February 6, 2015   09:51 am


පොළොන්නරුව කදුරුවෙල නගරයේ පාවහන් වෙළඳසැල් දෙකක් ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.

අද අළුයම 2.20ට පමණ ගින්න හට ගෙන තිබු බව පොලිසිය පවසයි.


තමන්කඩුව ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

 ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බව පොළොන්නරුව  පොලිසිය පවසයි.