වෙනිසියාලානු නිලධාරීන්ට අමෙරිකාව තහනම්
සයුරෙන් එතෙර

වෙනිසියාලානු නිලධාරීන්ට අමෙරිකාව තහනම්

February 3, 2015   04:36 pm

වෙනිසියුලානු නිලධාරීන් පිරිසකට අමෙරිකාවට ඇතුළුවීම සම්බන්ධයෙන් පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පවසන්නේ අදාළ තීරණය මගින් වෙනිසියුලාවේ ස්වාධිපත්‍යය බලය උල්ලංඝණයවීමක් සිදුවන බවයි.

මානව හිමිකම් උල්ලංඝණයවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙනිසියුලානු නිලධාරීන් පිරිසකට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර තිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස තමා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට ලිඛිතව දැනුම්දීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වෙනිසියුලානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.