තිස්ස අත්අඩංගුවේ - සී.අයි.ඩීය ප්‍රකාශ සටහන් කරගනියි

තිස්ස අත්අඩංගුවේ - සී.අයි.ඩීය ප්‍රකාශ සටහන් කරගනියි

February 2, 2015   01:57 pm

හිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ ව්‍යාජ අත්සන් යොදා ‘රනිල්-මෛත්‍රී ගිවිසුමක්‘ ලෙස ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන ලදී.

එහිදී මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූයේ තිස්ස අත්තනායක මහතා විසින් ව්‍යාජ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ස්වල්ප මොහොතකට පෙර තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ අත්තනායක මහතාගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගන්නා බවත්, එම කටයුත්තෙන් පසුව ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මේවන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.