තරුණයෙකු ජලාශයට පැන මියයාම - පොලිසියේ දෙදෙනෙක් මාරු

තරුණයෙකු ජලාශයට පැන මියයාම - පොලිසියේ දෙදෙනෙක් මාරු

February 2, 2015   09:30 am

සැකකරුවකු අත්අඩංගුවෙන් මිදී කොත්මලේ ජලාශයට පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත මාරුකර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය දා පොලිස් අතුඅඩංගුවේ සිටි සැකකරුවකු පොලිස් අත්අඩංගුවෙන් මිදී කොත්මලේ ජලාශයට පැන ජීවිතක්ෂයට පත්විය.

පසුව ඔහුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගනු ලැබිණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ප්‍රදේශවාසීන් තලවකැලේ පොලිස් සථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර පසුව ඔවුන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය නතර කරමින් විරෝධතාවයේ නිරතවූහ.