එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය මාර්තු 02-27 දක්වා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය මාර්තු 02-27 දක්වා

February 2, 2015   09:03 am

එක්සත් ජාතීන්ගේ 28 වන මානව හිමිකම් සැසි වාරය මාර්තු 02වනදා ආරම්භවී මාර්තු 27 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සැසි වාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාව මෙම සැසි වාරයට ඉදිරිපත් කරනු ඇත.

පසුගිය වසරේ පැවති 25 වන මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරිමේ යෝජනාව සම්මත විය.

මෙම විමර්ශනයේ දී යුද්ධයේ අවසාන කාලයේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කළ අතර අදාළ පරික්ෂණ කිරීම සඳහා මෙරටට ඇතුළුවීමට අදාළ පරික්ෂණ කණ්ඩායමට අවසර හිමි වූයේ නැත.

කෙසේ වෙතත් වෙත් රටවල සිට අදාළ විමර්ශන සිදුකළ අතර 27 වන සැසිවාරයේ දී අදාළ විමර්ශනය පිළිබද වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව අදාළ පරික්ෂණය පිළිබඳ ලිඛිත වාර්තාව මෙමම සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාදාමයන් පිළිබඳව නව රජය මේ වනතෙක් සිය ස්ථාවරය පැහැදිලි කර නැත.