තෙල් නලයක කාන්දුවක්

තෙල් නලයක කාන්දුවක්

February 1, 2015   12:20 pm

කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් පිරිපහදුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නලයක පිපිරීමක් හටගෙන තිබේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රී මෙම පිපුරුම සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් එම නලයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින බව සඳහන්ය.

කෙසේ වෙතත් මේ වන විට නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පාලිත රංගෙ බණ්ඩාර අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය රජය අවස්ථා ගණනාවකදීම දැනුම්වත් කළ ද කිසිදු පියවරක් නොගත් බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරයි.

වසර ගණනාවක සිට මෙම නල මාර්ගයේ මෙවැනි කාන්දුවීම් සිදුවූ බව ඔවුන් පෙන්වා දෙයි.