අද සිට නව බස් ගාස්තු ක්‍රියාත්මකයි

අද සිට නව බස් ගාස්තු ක්‍රියාත්මකයි

February 1, 2015   08:57 am

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව අද(01) සිට නව බස් ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව පෞද්ගලික සහ ලංගම බස් රථ සඳහා 8%ත් 10%ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු අඩු කර තිබේ.

රුපියල් 9ක් වු අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා අඩුව ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

රුපියල් 13 බස් ගාස්තුව රුපියල් 12 දක්වා ද රුපියල් 17 බස් ගාස්තුව රුපියල් 15 දක්වා ද අඩුවෙයි.

රුපියල් 20 සිට රුපියල් 34 දක්වා පෙර පැවති බස් ගාස්තුව රුපියල් 3කින් පහළ යන අතර රුපියල් 37 සිට රුපියල් 59 දක්වා පෙර පැවති ගාස්තු රපියල් 4කින් පහළ යනු ඇත.

මේ අතර ත්‍රිරෝද රථ කුලී ගාස්තු සහ පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු අද සිට අඩු වෙයි.

ඒ අනුව ත්‍රිරෝද රථ කුලී ගාස්තු 10%කින් සහ පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු 5%කින් අඩු වනු ඇත.