නිශා බිස්වාල් හෙට එයි

නිශා බිස්වාල් හෙට එයි

February 1, 2015   08:32 am

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හෙට(02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඇය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිතය.

නිශා බිස්වාල් මහත්මිය නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනට පැමිණෙන ඉහළම අමෙරිකානු නිලධාරිනිය ද වෙයි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

කමලේශ් ශර්මා මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබදව සාකච්ඡා කිරිමට නියමිතය.

මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර එය මෙම වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩයේදී මෝල්ටා රාජ්‍යයට හිමිවනු ඇත.