සරණාගතයින් ගැන  විශේෂ සාකච්ඡාවක්

සරණාගතයින් ගැන විශේෂ සාකච්ඡාවක්

January 31, 2015   05:15 pm

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකික සරණාගතයින් යළි මෙරටට ගෙන ඒම පිළිබඳව දෙරට අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ(30)  නවදිල්ලි නුවරදී අදාළ සාකච්ඡාව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේ සංචාරය කළ අතර එහිදී ඉන්දිය විදේශ අමාත්‍ය සුශ්මා ස්වරාජ් මහත්මිය මුණ ගැසී සාකච්ඡා කර සිටියේය.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාව පැවැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙහිදි 1990 වර්ෂයේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් ඉන්දියාවට පලාගිය ශ්‍රී ලංකික සරණාගතයින් සම්බන්ධයෙන් දිර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණිමට කැමැත්ත දක්වන සරණාගතයින් පිළිබඳව මෙහිදි මුලික අවධානය යොමුව ඇති අතර ඔවුන්ට මෙරටට පැමිණිමට පවතින ගැටළු සම්බන්ධයෙන්ද අදාළ සාකච්ඡාවේදි අවධානය යොමුව ඇති බව සඳහන්ය.

මේ අතර මෙම වැඩපිළිවෙළ සඳහා සහය ලබා දීම ට ජගත් සරණාගත කොමිසම ද කැමැත්ත පළ කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලා ගිය සරණාගතයින් ලක්ෂයක් පමණ ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වන අතර ඔවුන්ගෙන් 68 000 ක් පමණ තමිල්නාඩුවේ කඳවුරු 100 ක් තුළ වාසය කරයි.