ශර්මා අද ලංකාවට පැමිණෙයි
January 31, 2015 12:56 pm
පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද (31) දිවයින පැමිණිමට නියමිතව තිබේ.
තෙදින නිල සංචාරයක් සඳහා ඔහු අද දිනයේ දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
කමලේෂ් ශර්මා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
ඒ අනුව කමලේෂ් ශර්මා මහතා ලබන සඳුදා දිනයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කරනු ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතය.
මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර එය මෙම වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩයේදී මෝල්ටා රාජ්‍යයට හිමිවනු ඇත.