දෝහා සවාරියේ ගිය  ලාංකික ගුවන් සේවිකාවක් මරුට - තවත් 3ක් රෝහලේ

දෝහා සවාරියේ ගිය ලාංකික ගුවන් සේවිකාවක් මරුට - තවත් 3ක් රෝහලේ

January 31, 2015   11:22 am

දෝහ නුවර සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්වී තවත් සේවක සේවිකාවන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.

ඊයේ(30)  දිනයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙයි.

මෙහිදි තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්ය.

එසේම තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමණාකාර දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.218 කටාර් සිට කටුනායක බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් යානයක පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ති‍බේ.