දඹුල්ලේ - මහත්වරුන්ගේ ක්‍රීඩාව!

දඹුල්ලේ - මහත්වරුන්ගේ ක්‍රීඩාව!

January 30, 2015   12:13 pm

රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිරුව ගෘහස්ථ විදුලි උපකරණ යොදාගෙන වියළන අයුරු අද (30) දැකගැනීමට හැකිවිය .

මේ දිනවල ශ්‍රීලංකාව සහා බංගලාදේශ 19න් පහල කණ්ඩායම් දෙක අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වේ.

ඊයේ (29) දින ඇතිවූ වර්ෂාව නිසා තණ තීරුව තෙමී ඇත.

අද තරඟය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුණද තෙතමනය නිසා පෙ.ව 11 වනවිටත් වියළි නොතිබිණ.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ගෘහස්ථ විදුලි උපකරණ යොදාගෙන තණතීරුව වියළීම පිලිබඳව විදේශ රටවල ක්‍රීඩකයින් පුදුමයෙන් බලාසිටි බව අප වාර්තාකරු පැවසීය.

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස