නිවසට ගිනි ඇවිළි පිය පුතු මරුදකී

නිවසට ගිනි ඇවිළි පිය පුතු මරුදකී

January 30, 2015   08:32 am

අම්පාර, සමන්තුරේ ප‍්‍රදේශයේ නිවසක ඊයේ රාතී‍්‍ර ඇති වූ ගින්නකින් පියෙකු සහ ඔහු‍ගේ 3 හැවිරිදි දරුවෙකු පිළිස්සුම් තුවාල ලබා මියගොස් තිබේ.

සමන්තුරේ, වලතාපිටිය, ස්මයිල්පුර, සුනාමි ගම්මානය පිටුපස ඇති පැල්පත් නිවසක ගින්න හටගෙන ඇත.

නිවසේ නිදා සිටි 43 හැවිරිදි පියා සහ 3 හැවිරිදි ඔහුගේ දරුවා මෙම ගින්නෙන් පිළිස්සී මියගොස් ඇති අතර හත් හැවිරිදි දැරියක් ද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ගින්නට හේතුව කුමක්දැයි ‍පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.