මීළඟ අගවිනිසුරු කේ. ශ්රීපවන් - ඉවත් කරන්න එපා ඕනෑ විදියට නඩු තීන්දු දෙන්නම් කිව්වාලු
January 29, 2015 12:18 pm
කේ. ශ්‍රී පවන් මහතා මීළඟ අගවිනිසුරුවරු ලෙස පත්කිරීමට නියමිතව ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
මේ අතර මොහාන් පීරිස් මහතා තමන් අගවිනිසුරු තනතුරින් ඉවත් නොකරන ලෙසත්, අවශ්‍ය ආකාරයට තීන්දූ ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බවත්, එහිදී රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.
රාජිත සේනාරත්න මහතා පැවසුවේ මොහාන් පීරිස් මහතාගේ එම ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය හමුවේ කියා සිටි බවයි.
එසේම රක්නා ලංකා සමාගමේ අවි ගනුදෙනුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බවත්, යුද හමුදාව සතු අවි එම සමාගම මගින් සීෂේල්ස් වැනි රටවලට ගියේ කෙසේදැයි පරීක්ෂණ පවත්වන බවත්, රාජිත සේනාරත්න මහතා පැවසීය.
තවද එම සමාගම අවි ලබා ගැනීමේදී යුද හමුදාවට මුදල් ගෙවා නැතැයිද ඇමතිවරයා හෙළි කළේය.
මේ ගැන එවකට ආණ්ඩුවේ සිටියදී ඔබතුමාලා දැන නොසිටියේදැයි මාධ්‍යවේදියෙකු එහිදී ඇමතිවරයාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා පැවසුවේ අපි තියා මාධ්‍යවේදීන්වත් ඒවා නොදන්නා බවත්, ඇතැම් කරුණු ද දැනගත්තේ මාධ්‍යවේදීන් වාර්තා කිරීමෙන් පසු බවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා ගැන කාටුන් එකක්වත් ඇඳීමට මාධ්‍යවේදියෙකුට නොහැකි වූ බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.