කතුන් දෙන්නා ගංජා ජාවාරමේ

කතුන් දෙන්නා ගංජා ජාවාරමේ

January 29, 2015   10:08 am

අලෙවි කිරීම සඳහා ගංජා ළඟ තබා ගෙන සිටි බව කියන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.

කොස්වත්ත පොලිස් වසමේ ලිහිරියාගම සහ පොතුවටවන යන ප්‍රදේශ වලදී ඊයේ මෙම වැටලීම් සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 48 ක තැනැත්තියක් වන අතර අනෙක් කාන්තාවගේ වයස අවුරුදු 30කි.

එක් කාන්තාවක් ළග ගංජා ග්‍රෑම් 139 ක්ද, අනෙක් කාන්තාව ළග ගංජා ග්‍රෑම් 10 ක්ද තිබී ඇත.

පිටස්තර ප්‍රදේශ වලින් ගංජා තොග වශයෙන් ගෙනවිත් සිල්ලරට අලෙවි කිරීම මෙම කාන්තාවන් දෙදෙනා විසින් සිදු කර ඇති බව පොලීසිය විසින් හෙළි කරගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් දෙදෙනා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඔෂිත සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.