යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් නැවත පදිංචි කිරීමට සහයදෙයි

යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් නැවත පදිංචි කිරීමට සහයදෙයි

January 27, 2015   09:01 am

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකික සරණාගතයින් දිවයිනට ගෙන්වා නැවත පදිංචි කිරීම සඳහා සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සහ යුරෝපා සංගමය සහය දැක්වීමට සුදානම් බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පසුගිය සතිය තුළ යුරෝපා සංගමයේ සාමාජිකයින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජිතයින් හමු වී නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශ ඩී.එම්. ස්වාමිනාදන් මහතාට අධාර ලබාදුන් බව එම අමාත්‍යාංශ සඳහන් කරයි.

එසේම යුරෝපා සංගමය විසින් උතුරු නැගෙනහිර සිටින දෙමළ කතාකරන ජනතාව වෙනුවෙන් නිවාස 23.000ක් පමණ ඉදිකර දී ඇති බවත්, තවත් 26.056 අවතැන් වු ජනතාව සිටින බවත් ඒ වෙනුවෙන් යුරෝ මිලියන 14ක් පමණ වෙන් කර ඇති බවද වාර්තා වෙයි.

ඉන්දියාවේ සිට සරණාගතයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා ලංකාවේ දැනට අභ්‍යයන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති මෛත්‍රීරීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයෙන් කියැවුණු බවත්, එය රජයේ දින 100 වැඩ සටහනෙන් කොටසක් බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.