මංගලගේ යුරෝපා සංචාරය අරඹයි

මංගලගේ යුරෝපා සංචාරය අරඹයි

January 27, 2015   08:31 am

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ යුරෝපා සංචාරය අද(27) ආරම්භ වී තිබේ.

අමාත්‍යවරයා ඊයේ(26) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මිලදී ගැනීම සම්බන්ධයෙන් දැනට ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.

යුරෝපා සංගමය විසින් පසුගියදා ශ්‍රී ලංකාවෙන් මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවනු ලැබුණි.

මෙම තහනම ඉවත් කර ගැනීම සහ වෙනත් රටවල ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම ද විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර විදේශ අමාත්‍යවරයා ලබන මාසයේ අමෙරිකාවේ සහ චීනයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට සූදානම් වන යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වෙයි.