බස් ගාස්තු ගැන අදත් සාකච්ඡා
January 27, 2015 08:21 am
බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව අද (27) දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බව බස් සංගම් පවසයි.
අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
පසුගිය බදාදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල රුපියල් 16කින් පහත දැමීමට රජය පියවර ගනු ලැබුණි.
ඒ අනුව බස් ගාස්තු පහළ දැමීමට බස් සංගම් තීරණය කර ඇති අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය සඳහන් කළේ 7%කින් බස් ගාස්තු පහළ දැමිය යුතු බවයි.
එහෙත් 10%ක ප්‍රමාණයකින් බස් ගාස්තු පහළ දැමීමට තම සංගමය සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
බස් ගාස්තු පහත දැමිය යුතු ප්‍රතිශතය තම සංගමය විසින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉදිරියේදී රජය ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බව ඔහු සඳහන් කර සිටියේය.