සබරගමු වෛද්‍ය පීඨයේ ඉදිකිරීම්වලට දුනේෂ් මැදිහත්වෙයි

සබරගමු වෛද්‍ය පීඨයේ ඉදිකිරීම්වලට දුනේෂ් මැදිහත්වෙයි

January 26, 2015   01:45 pm

සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය කඩිනමින් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

ඒ පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍ය රජිව විජේසිංහ මහතාගේ අවධානය යොමුකරවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

වෛද්‍ය පීඨය ඉදිකිරිම සඳහා රත්නපුර නවනගරයේ අක්කර 10 ක පමණ භූමි ප්‍රදේශයක් විශ්ව විද්‍යාලයට ලබා දී තිබුණ ද මේවන තෙක් කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුව නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

රත්නපුර නව නගර සංවර්ධනයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශය කියයි.