ගංගාරාම විහාරස්ථ දායක සභාවෙන් පැහැදිලි කිරීමක්
January 25, 2015 11:32 pm
කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ වෙසෙන ගංගා නැමැති අලි පැටවාට ඇත්ගොව්වා විසින් පහරදෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ දායක සභාවේ අවධානය යොමුව තිබේ.
ඒ අනූව දායක සභාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ අදාළ වීඩියෝවේ සඳහන් වූ පරිදි අලියාට අකාරුණික ලෙස පහරදුන් එම ඇත්ගොව්වා සේවයෙන් ඉවත් කළ බවයි.
එසේම අලියාගේ සේවය සඳහා මීට පෙර සිටි පළ පුරුදු ඇත්ගොව්වෙකු (නවම් රාජා නැමැති ඇතාගේ ඇත්ගොව්වා - ඇතා මීට ඉහත මියගොස් ඇත) ගෙනා බවද ගංගාරාම විහාරයේ දායක සභාව කියයි.
කෙසේ වුවද අලියාට පහරදෙන අයුරු දැක්වෙන මෙවැනි වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැරීම ගැන කණගාටුවන බවත්, එසේ කළ පුද්ගලයා එය පෞද්ගලිකවම දායක සභාව දැනුවත් කළා නම් වඩාත් සුදුසු බවත්, ඔවුන් පෙන්වාදෙයි.
සමාජ ජාල වෙබ් අඩවි මගින් එවැන්නක් ප්රදර්ශනය කිරීමෙන් විහාරස්ථානයේ කීර්තිනාමයට හානියක් වීම ඊට හේතුව බවද ගංගාරාම විහාරස්ථ දායක සභාව වැඩිදුරටත් එම නිවේදනය මගින් සඳහන් කරයි.