මහ මැතිවරණයට මමත් ඉදිරිපත් වෙනවා

මහ මැතිවරණයට මමත් ඉදිරිපත් වෙනවා

January 25, 2015   11:42 am

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජාතික දේශපාලනයේ සිටි යුතු බැවින් තමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා කටයුතු කරන බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වු දයාසිරි ජයසේකර මහතා 2013 වසරේදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවට තරග කරනු ලැබුණි.

එහිදී වැඩිම මනාප ලබාගත් ඔහු වයඹ පළාත් සභාවේ මහ ඇමති ධුරයට පත් කරන ලදී.

කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමන් ඉදිරිපත් වන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද කියා සිටියේය.