ඩිල්ෂාන්ගේ උත්සාහය අපතේ!- ලෝක වාර්තාවක් සමගින් නවසීලන්තයට ජය
January 23, 2015 11:17 am
ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලියේ තුන්වැනි ජයත් ලබා ගනිමින් එම තරඟය ලකුණු 108කින් ජය ගැනීමට නවසීලන්තය මීට ටික වේලාවකට පෙර සමත් විය.
නවසීලන්තය කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 360කි.
නවසීලන්තය කඩුලු 5ට ලකුණු 93ක් ලබා සිටි අවස්ථාවේ පිටියේ එක්වූ ග්‍රෑන්ට් එලියට් හා ලුක් රොන්චි 6 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 267ක ලෝක වාර්තාවක් ද පිහිටුවීය.
එහිදී රොන්චි නොදැවී ලකුණු 170ක්ද, එලියට් නොදැවී ලකුණු 104ක්ද ලබා ගන්නා ලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43.4දී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 252ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 116ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 45, මහේල ජයවර්ධන ලකුණු 30ක් ලබා ගැනීම හැරුණු විට සෙසු පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.
දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා ලකුණු නොලබාම දැවී ගිය අතර කුමාර් සංගක්කාර ලබාගත්තේ ලකුණු 9කි.
ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් නිසා ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට චන්දිමාල්ට අවස්ථාව හිමිවිය.
තුන්වැනි කඩුල්ල ලෙස මහේල ලකුණු 211දී දැවී යාමෙන් පසු ඉතිරි කඩුලු 7 තවත් ලකුණු 41ක් තුළ දැවී යාම සුවිශේෂි කරුණකි.
මේ අනූව ඩිල්ෂාන්ගේ ප්රයත්නයට සෙසු පිතිකරුවන්ගෙන් ලැබුණු දායකත්වය ප්‍රශ්නාර්ථයකි.