ඩිල්ෂාන් 20 වැනි ශතකයත් ලබාගනියි

ඩිල්ෂාන් 20 වැනි ශතකයත් ලබාගනියි

January 23, 2015   10:12 am

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරඟාවලියේ යළිත් ශතකයක් ලබා ගනිමින් එක්දින ක්‍රිකට් පිටියේ සිය 20 වැනි ශතකයද ලබා ගැනීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් විය.

ශ්‍රී ලංකා - නවසීලන්ත 5 වැනි තරඟය මේවන විට පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ලකුණු 360ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකාව මීට ටික වේලාවකට පෙර කඩුලු 2ට ලකුණු 204ක් ලබා සිටියේය.

ඒ පන්දුවාර 34.5දීය.

නොදැවී ක්‍රීඩා කරන ඩිල්ෂාන් ලකුණු 110යි.