බියගම - බුලත්සිංහල මනුෂ්‍ය ඝාතන 2ක්

බියගම - බුලත්සිංහල මනුෂ්‍ය ඝාතන 2ක්

January 23, 2015   10:02 am

බියගම, රක්ෂපාන, මල්වාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

බහින් බස්වීමක් දුරදිගයාමෙන් ඇති වු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර බුලත්සිංහල, කලවැල්ලාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක ද තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

අදාළ ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.