ඉන්ධන හිඟද? මිල අඩු නැතිද? - වහාම කියන්න මෙන්න ඇමතුම් අංක
January 22, 2015 11:34 am
ඉන්ධන මිල අඩු කිරීමෙන් පසුව තවදුරටත් පැවැති මිලටම ඉන්ධන අලෙවි කරන්නේ නම් හෝ හිඟයක් ඇති නම් වහාම දැනුම්දෙන ලෙස විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.
මේ පිළිබඳව සොයාබලා තමන් දැනුවත් කරන ලෙසට ද අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී ඇති අතරම පැමිණිලි දැනුම්දීම සඳහා දුරකථන අංක 4ක් හා ෆැක්ස් අංක 2ක්ද හඳුන්වා දී ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කියයි.
මේ පිළිබඳව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
අධික මිලට ඉන්ධන විකුණන්නේ නම් හෝ ඉන්ධන හිඟයක් පවතින්නේ නම්, වහාම අප දැනුවත් කරන්න.
රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලයි.
මෛත්‍රී ප්‍රතිපත්තියට අනුව දින 100 යේ වැඩපිළිවෙළ යතාර්ථයක් බවට පත්කරමින්, ඊයේ (21) සවස රැස්වූ අතිගරු ජනාධිපතිතුමන් ප්රමුඛ කැබිනට් මණ්ඩලේ තීන්දුවකට අනුව රාජපක්ෂ පාලනය විසින් පනවා තිබූ සහගහන ඉන්ධන බදු ඉවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේය. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වෙත අඩුකළ මිල ගණන් සම්බන්ධයෙන් අදාළ නියෝග ලබාදීමෙන් පසු ඊයේ (21) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල අඩු කෙරිණ.
මේ පිළිබඳව සිපෙට්කෝ ඉන්ධනහල් ඊයේ රාත්‍රිය වනවිටම දැනුවත් කිරීමට පියවරගත් බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පෙන්වාදෙයි. එහෙත් මේ වනවිටත් පෙර පැවති මිල ගණන් වලටම ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන අලෙවි වන බවටත්, ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට ප්‍රකාශයන් නිකුත් කරන බවටත්, විවිධ වාර්තා තමන් වෙත ලැඛෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය, පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ පිළිබඳව වහාම සොයාබලා තමන්ව දැනුවත් කරන ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ විශේෂ පැමිණිලි ඒකකයක් පිහිටුවා ඇත. ඒ සඳහා ආයතනික අලෙවි කාර්යංශය සංනිවේදන හා පාරිභෝගික සේවා ඒකකය කටයුතු කරනු ඇත.
පැමිණිලි දැනුම්දිය යුතු දුරකතන අංක හා ෆැක්ස් අංකයන් මෙසේය.
ක්ෂණික ඇමතුම් අංකය - 0115 243243
දුරකතන අංක - 0115 455130 / 0115 455251 / 0115 455254
ෆැක්ස් අංක - 01156 455431 / 0115 455411
මේ වනවිටත් ඉන්ධන මිල සම්බන්ධයෙන් හෝ ඉන්ධන තොග සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට හෝ ඉන්ධන අලෙවිකරුවන්ට ගැටළු පවතින්නේනම්, වහාම ඉහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.