ඔබාමා ජනතාවගේ වාසිය හිතයි
සයුරෙන් එතෙර

ඔබාමා ජනතාවගේ වාසිය හිතයි

January 22, 2015   09:39 am

අමෙරිකානු ජනතාවට වාසි සැලසෙන නව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

ඔහු පවසන්නේ මුල කඩාවැටීම ද නවතා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ වාර්ෂික දේශනයක පවත්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ඇතැම් පුද්ගලයින් සුළු බදු ප්‍රමාණයක් ගෙවීමත්, ඇතැම් පුද්ගලයින් බදු නොගෙවා සිටීමටත් හේතුව වී ඇත්තේ බදු ක්‍රමයේ පවතින දුර්වලතා නිසා බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

එම දුර්වලතාවයන් වෙනස් කිරීමට කටයුතු කළ යුතු බව ද ඔබාමා පවසා ඇත.

එමෙන්ම කියුබාව සමඟ පවතින වෙළඳ සීමාවන් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.