තිලක් කරුණාරත්නට යළිත් බාරදූර වගකීමක්

තිලක් කරුණාරත්නට යළිත් බාරදූර වගකීමක්

January 21, 2015   03:43 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තිලක් කරුණාරත්න මහතා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපති ධුරයට නැවතත් පත් කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.

කරුණාරත්න මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ 2011 වසරේ දෙසැම්බර් 08දා එම කොමිසමේ සභාපතිධූරයට පත් කෙරිණ.

ඒ එවකට විනිමය හා සුරැකුම් පත් කොමිෂන් සභාවේ සභාපති ධුරය දැරූ ඉන්ද්‍රානි සුගතදාස මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයටය.

කෙසේ වුවද කොටස් වෙළෙඳපොළ වංචනිකියන්ට එරෙහිව ගනු ලබන තීරණ ක්‍රියාත්මක නොවීම හා නීතිය ක්‍රියාත්මක කරවීමට ඉඩ නොදීම මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව එම අවස්ථාවේදී මාධ්‍ය වාර්තා අනාවරණය කළේය.

ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය අස්වීමට බලපෑවේද එවන් තත්ත්වයක් බව පැවසිණ.

කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන ආයතනය ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සැලකෙයි.

ඉකුත් ජනපති මැතිවරණ සමයේදී තිලක් කරුණාරත්න මහතා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කළේය.