පාප් වහන්සේ පිලිපීනයෙන් යයි
සයුරෙන් එතෙර

පාප් වහන්සේ පිලිපීනයෙන් යයි

January 19, 2015   12:07 pm

පිලිපීනයේ පස්දින නිල සංචාරයක නිරත වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නැවත රෝමය බලා පිටත්ව ගොස් තිබේ.

පාප් වහන්සේ පිලිපීනයෙන් නික්ම යන අවස්ථාව දැක බලා ගැනීම සඳහා විලාර්මෝර් ගුවන්තොටුපළ දක්වා මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද ඊයේ දිනයේ එරට මැනිලා අගනුවර පැවති විශේෂ දේව මෙහෙය සඳහා මිලියන 6 කට අධික පිරිසක් රැස්ව සිටි බව වාර්තා වූණි.

පිලිපීනයේ මිලියන 80 කට අධික පිරිසක් ක්‍රිස්තියානි භක්තිකයින් බව පැවසේ.