ඩිවිලියස් ක්‍රිකට් පොත අලුත් කළ හැටි

ඩිවිලියස් ක්‍රිකට් පොත අලුත් කළ හැටි

January 19, 2015   10:34 am

සංචාරක බටහිර ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 148 ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් පන්දු වාර 50 අවසනානයේ කඩුළු 2ක් පමණක් බිඳ වැටී ලකුණු 439 ක් ලබා ගත්තේය.

එහිදී ඒ.බී. ඩිවිලියස් ලොව වේගවත්ම අර්ධ ශතකය සහ ශතකය ලබා ගත් අතර ඔහු පන්දු 44 ක් තුළ ලකුණු 149 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට හයේ පහර 16ක් හා 4 පහර 9ක් ඇතුළත් අතර එක්දින තරඟයකදී වැඩිම 6 පහර සංඛ්‍යාව (16) ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා ලබාගෙන තිබූ වාර්තාව සමකිරීමට සමත් විය.

මීට අමතරව හෂීම් අම්ලා ලකුණු 153 ක් ලබා ගත්තේය.

ඩිවිලියස් විසින් පන්දු 17දී ලකුණු 50 වාර්තා කළ අතර පන්දු 31දී ලකුණු 100 වාර්තා කළේය.

ඒ අනූව ඩිවිලියස් විසින් බිඳ දැමුවේ නවසීලන්තයේ කොරේ ඇන්ඩර්සන් විසින් පසුගිය වසරේ ජනවාරී මස පැවැති එක්දින තරඟයකදී කොදෙව්වන්ට එරෙහිව පන්දු 36දී ලකුණු 100ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාවය.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේ කඩුළු 7ක් අවසානයේ ලබා ගත හැකිවුයේ ලකුණු 291 ක් පමණි.

එහදී ඩුවෙන් ස්මිත් ලකුණු 64 ක් ලබා ගත් අතර ඩිනේෂ් රැම්ඩීන් ලකුණු 57 ක් ලබා ගැනීමට සමත්විය.