ජයන්තගේ මන්ත්‍රීධුරය ෆොන්සේකාට දෙයි

ජයන්තගේ මන්ත්‍රීධුරය ෆොන්සේකාට දෙයි

January 18, 2015   04:00 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එකඟතාව පල කර තිබේ.

ජයන්ත කැටගොඩ මහතා සඳහන් කළේ සරත් ෆොන්සේකා මහතා සිදුකළ ඉල්ලීමකට අනුව තම මන්ත්‍රී ධුරය ඔහුට ලබාදීමට තීරණය කළ බවයි.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බවට තහවුරු කළ පසුව එම මන්ත්‍රී ධුරය ලබාදීමට සූදානම් බව ජයන්ත කැටගොඩ මහතා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසී වීමත් සමඟ එම මන්ත්‍රී ධුරය ජයන්ත කැටගොඩ මහතාට හිමිවුණි.