ඌවේ බලය හරීන් අතට - හරීන් මහඇමති ලෙස දිවුරයි

ඌවේ බලය හරීන් අතට - හරීන් මහඇමති ලෙස දිවුරයි

January 14, 2015   01:31 pm

ඌව පළාත් සභාවේ මහඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම්දී තිබේ.

ඌව ආණ්ඩුකාර සී.නන්දමැතිව් මහතා ඉදිරියේ හරීන් ප්‍රනාන්දු මහතා මීට ටික වේලාවට පෙර දිවුරුම්දී ඇත.

ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානයට එහි බලය හිමිවූ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌවේ මහ ඇමති ලෙස දිවුරුම්දෙන ලදී.

‍කෙසේ වුවද ඔහු මහඇමති ලෙස දිවුරුම්දී මාස තුනකට වැඩි කාලයකින් එහි බලය පෙරළුණු අතර ඊට ආසන්නතම හේතුව ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමය.

හරීන් ප්‍රනාන්දුට ඌවේ මහඇමති ධූරය ලබා ගැනීම සඳහා ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී හරීන්ද්‍ර ධර්මරත්න මහතා ද සහය පළ කර තිබේ.

අද පෙරවරුවේ ඌව පළාත් ආණ්ඩාකර නන්ද මැතිව් මහතා මුණගැසී හරීන්ද්‍ර ධර්මරත්න මහතා මීට අදාළ දිවුරුම් ප්‍රකාශය ලබා දී ඇත.