ඔබාමා දැඩි ස්ථාවරයක
සයුරෙන් එතෙර

ඔබාමා දැඩි ස්ථාවරයක

January 14, 2015   11:44 am

අමෙරිකාවේ පවතින සයිබර් ආරක්ෂක නීති තර කිරීමට එරට ජනාධිපති බරක් ඔබාමා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අමෙරිකාවේ ඉහළ පෙලේ නායකයින් ඉලක්ක කරගනිමින් එල්ලවු සයිබර් ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

සයිබර් ආරක්ෂක නීති තර කිරීම සම්බන්ධයෙන් වු යෝජනාව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට යැවීමට නියමිත බව සඳහන්ය.

පසුගියදා සෝනි චිත්‍රපට සමාගමට සහ අමෙරිකානු ආරක්ෂක මූලස්ථානයේ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාර එල්ල වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.