සයුරෙන් එතෙර
ප්රංශයේ එක්සත්භාවය පතා මිලියන 3ක් රැස්වෙති
January 12, 2015 12:07 pm
ප්රංශයේ එක්සත්භාවය වෙනුවෙන් එරට මිලියන 3 ක පමණ වැසියන් පිරිසක් පැරිස් නුවරට රැස්ව සිටිති.
දින 3ක් ඇතුළත දී ත්රස්තවාදී ප්රහාර හේතුවෙන් ප්රංශ වැසියන් 17 දෙනෙකු ඝාතනයට ලක්වීමත් සමඟ එරට වැසියන් ත්රස්තවාදයට එරෙහිව පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වන්නේය.
මේ අතර ලෝක නායකයින් 40 කට වැඩි පිරිසක් ප්රංශයට සහය දැක්වීම සඳහා පැරිස් නුවර පැවැත්වෙන පා ගමනට එක්ව සිටින බවද වාර්තා වේ.
මෙම පා ගමනට සමගාමීව ලෝකයේ නගර කිහිපයක පා ගමන් සංවිධානය කර ඇත.