යුද ජයග්‍රහණයේ ගෞරවය මහින්දට හිමියි - කලබල එපා - සාමකාමිව හැසිරෙන්න

යුද ජයග්‍රහණයේ ගෞරවය මහින්දට හිමියි - කලබල එපා - සාමකාමිව හැසිරෙන්න

January 9, 2015   11:18 am

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යුද ජයග්‍රහණයේ ගෞරවය හිමිවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(09)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

නව ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවුරුම්දීමට නියමිත බවද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේය.

එසේම කිසිදු පුද්ගලයෙකු නීතිය අතට නොගන්නා ලෙසත්, කිසිදු කලබලයක් ඇති නොකරන ලෙසත් හෙතෙම අවධාරණය කළේය.

සෑම පුද්ගලයෙකුම නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථා‍වේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.