එක්සත් ජාතීන්ට ලක් රජයෙන් පිළිතුරක්
January 7, 2015 04:42 pm
හෙට(08) දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණය වඩාත් සාමකාමී අයුරින් සහ විශ්වසනීයත්වයෙන් යුතුව පැවැත්වීමට සියලු පියවර ගෙන ඇති බව රජය පවසයි.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා කිහිපයක දී සිදුකළ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබේ.
1931 වසරේ සිට මේ දක්වා මෙරට පැවැත්වූ සියලු මැතිවරණ වඩාත් ප්රජාතන්ත්රවාදී සහ සාමකාමී අයුරින් පැවැත්වීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන්ය.
ඒ අයුරින්ම හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරයේදී ද ඡන්ද දායකයින්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
එමෙන්ම මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට සහ මෙරට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට අවස්ථාව සලසා දී ඇති බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.