තැපැල් සේවකයාට පහරදී ඡන්ද කාඩ් උස්සලා?

තැපැල් සේවකයාට පහරදී ඡන්ද කාඩ් උස්සලා?

January 5, 2015   04:36 pm

ඇල්ල තැපැල් කාර්යාලයේ ලිපි බෙදාහරින තැපැල් සේවකයෙකුට පහරදී නිල ඡන්ද පත‍්‍රිකා පැහැර ගැනීම තරයේ හෙළාදකින බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල තැපැල් කාර්යාලයට අනියුක්තව සේවය කරන පෙරියසාමි ඥානසේකරම් මහතාට 2015. 01. 03 වන දින දවල් 11. 30 ට ඇල්ල නිව් බර්ග් 4 කණුව ප‍්‍රදේශයේදී ඌව පළාත් සභාවේ නිවාස, මාර්ග හා යටිතල පහසුකම් ඇමති සෙන්ඩිල් තොන්ඩමන් මහතා විසින් පහරදී තිබේ.

එලෙස පහරදී ඔහු සතුව පැවති නිල ඡන්ද පත‍්‍රිකා 35 ක් පමණ පැහැරගෙන ඇති අතර ඔහු බෙදමින් සිටි ලියාපදිංචි ලිපියක්ද,ඔහු සතු රන් මාලයක් හා මුදුවක්ද, ජංගම දුරකතනයක්ද පැහැරගෙන ඇති අතර එය අප සංගමය තරයේ හෙළාදකිමු.

මෙම මැර ක‍්‍රියාවට සම්බන්ධ රාජපක්‍ෂ ආණ්ඩුවේ පළාත් ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, රාජපක්‍ෂ ආණ්ඩුවේ ගෝල බාලයන් රජයේ සේවකයින්ට පහරදී ඡන්දය මංකොල්ලකැම වහාම නතර කරන ලෙසත් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කරන මෙම ක‍්‍රියාවලට එරෙහිව සියළු තැපැල් සේවකයින් නැඟී සිටිය යුතු බවත් සමස්ත තැපැල් සේවකයාගෙන් අප ඉල්ලා සිටිමු.