බෝට්ටුවක් ‍පෙරළී 3ක් මරුට -  3ක් රෝහලේ

බෝට්ටුවක් ‍පෙරළී 3ක් මරුට - 3ක් රෝහලේ

January 3, 2015   02:28 pm

ත්‍රිකුණාමලය, කින්නියා මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

අද අළුයම 5.00ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිළී මිය ගොස් ඇති අතර අනතුරෙන් බේරාගත් තවත් තිදෙනෙකු ප්‍රථිකාර සඳහා කින්නියා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කින්නියා පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.