ඉන්ධන ගෙනා බවුසරය පුපුරා මහ  ගින්නක්

ඉන්ධන ගෙනා බවුසරය පුපුරා මහ ගින්නක්

January 2, 2015   05:49 pm

කොළඹ - නුවර පාරේ නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉන්ධනහලකදී ඉන්ධන බවුසරයක් ගිනි ගෙන තිබේ.

නෙළුම්දෙණිය, දැඩිගම පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලට ඉන්ධන රැගෙන ආ බවුසරයක් ගිනි ගැනීමට ලක්ව ඇති බව සඳහන්ය.

බවුසරයෙන් ඉන්ධන පුරවමින් තිබියදී එය පුපුරා ගින්න හටගෙන ඇති බව පැවසේ.

මින් කිසිවකුට අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේය.

මේ හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ නෙළුම්දෙණිය ප්‍රදේශයේ රථවාහන තදබදයක් පවතින බව පොලීසිය කීවේය.