යුරෝපා සංගමයෙනුත් ඉල්ලීමක්

යුරෝපා සංගමයෙනුත් ඉල්ලීමක්

January 2, 2015   03:21 pm

එළඹෙන ජනාධිපතිවරණය වඩාත් සාමකාමී අයුරින් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව පවත්වනු ඇති බවට අපේක්ෂා කරන බව යුරෝපා සංගමය පවසයි.

සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රචණ්ඩත්වයෙන් සහ බියෙන් තොරව තම රාජ්‍ය නායකයා තෝරා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව එම සංගමය පෙන්වාදෙයි.

මෙරට යුරෝපා සංගම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

මෙරට දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය නඟාසිටුවීම සඳහා සෑම පක්ෂයක්ම කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මැතිවරණය නිදහස්ව හා සාමකාමිව පවත්වන්නැයි පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉල්ලීමක් කර තිබුණි.