සයුරෙන් එතෙර
සිව්වසරක යුද ගැටුම්වලින් සිරියාවේ 76,000ක් මරුට
January 2, 2015 09:03 am
සිව්වසරක් පුරා සිරියාවේ පවතින යුධ ගැටුම් හේතුවෙන් පසුගිය වසර අවසන් වන විට පුද්ගලයින් 76,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
මානව හිමිකම් සඳහා වු එක්සත් රාජධානියේ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව මියගිය පුද්ගලයින් අතර සිවිල් වැසියන් 17,790ක් වන බව පැවසේ.
එමෙන්ම ළමුන් 3,501ක්ද සිරියානු ගැටුම් වලින් මියගොස් ඇති බව අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
මේ අතර පසුගිය වසර තුළ ඉරාකයේ පැවති යුධ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 15000ක් පමණ මියගොස් තිබේ.
ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ වෙනත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් සිරියාව සහ ඉරාකය තුළ ක්‍රියාත්මකය.