අලුත් අවුරුද්ද සමරද්දී චීන්නූ 35ක් තෙරපී මරුට
සයුරෙන් එතෙර

අලුත් අවුරුද්ද සමරද්දී චීන්නූ 35ක් තෙරපී මරුට

January 1, 2015   09:47 am

චීනයේ, ෂැන්හයි නුවර අළුත් අවුරුදු සැමරුම් උත්සවයක සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 42 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි.

චීනයේ, ෂැන්හයි නුවර හන්කු දිස්ත්‍රික්කයේ නව අවුරුදු සැමරුම් උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුවී ඇත.

අදාළ උත්සවය සඳහා 30,000කට අධික ජනතාවක් සහභාගි වී සිට ඇති අතර ඔවුන් කලබලයට පත්වීමත් සමඟ මෙම තෙරපීම සිදුව තිබේ.

මේ හේතුවෙන් චීනයේ පැවැත්වීමට තිබු අළුත් අවුරුදු උත්සව කිහිපයක් නැවැත්වීමට පියවර ගෙන ඇත.