නීතීඥ විරෝධය...

නීතීඥ විරෝධය...

April 28, 2017  

Bookmark and Share
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් පිරිසක් අද(28) ත්‍රීකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි. ඒ පසුගියදා නැගෙනහිර පළාත් උපාධිධාරීන් පිරිසක් කළ උද්ඝෝෂණයට ලබාදුන් අධිකරණ නියෝගය විරෝධතාකරුවන් විසින් ඉරා දමා විරෝධය දැක්වීමට එරෙහිවය. පසුගිය 25 වනදා පැවති උපාධිධාරී විරෝධතාව කිසිවකුට බාධාවක් සිදු නොවන ලෙසට පවත්වන්නැයි ත්‍රිකුණාමල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබුණි. එම නියෝගය විරෝධතාකරුවන් විසින් ඉරා දමා තිබුනේ එය රැගෙන ගිය නිලධාරීන් ඉදිරියේදීයි. අද විරෝධතාවට එක්වු නීතිඥවරුන් පෙන්වා දෙන්නේ මෙය අධිකරණ පද්ධතියට කැළලක් බවයි. එම සිද්ධියට අදාළව පියවරක් ගන්නා ලෙසට සහ නියෝගය ඉරා දැමු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට ද අද අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවු නීතිඥවරුන් ඉල්ලා තිබේ.