ගෙයත් හංසයාට සමීපවෙයි

ගෙයත් හංසයාට සමීපවෙයි

December 30, 2014   10:47 am

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු සියලු පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ සාකච්ඡා පවත්වනු ලැබුණි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.