බොරතෙල් මිල පහලයාම ලෝක ආර්ථිකයට යහපත් බලපෑමක්

බොරතෙල් මිල පහලයාම ලෝක ආර්ථිකයට යහපත් බලපෑමක්

December 22, 2014   10:54 am

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළයාම ලෝක ආර්ථිකයට යහපත් බලපෑමක් බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලගාඩ් පවසන්නේ බොර තෙල් මිල පහළයාම බොරතෙල් අපනයනකරුවන්ට අයහපත් ලෙස බලපා ඇති බවයි.

පසුගිය ජුනි මාසයේ සිට බොරතෙල් මිල 30% කින් පමණ පහළ ගොස් තිබේ.

බොරතෙල් සැපයුම් සහ ඒ සඳහා වන ඉල්ලුම ද වර්ධනය වීම ඉතා සෙමෙන් සිදුවන බව වාර්තා වෙයි.

මේ අතර තම තෙල් සැපයුම පහත දැමීමට අපේක්ෂා නොකරන බව සෞදි අරාබියානු ඛනිජ තෙල් අමාත්‍ය අලී අල් නෙයිමි පවසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් එසේ කළ ද තමන් එවැනි තීරණයක් නොගන්නා බවයි.

ඊයේ(21)  දිනය වන විට ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 56.52 දක්වාත් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 61.38ක් දක්වාත් පහත බැස තිබේ.