පොදු අපේක්ෂකයාගේ  පොරොන්දු අයවැයෙන් ඉටුවෙමින් තිබෙනවා

පොදු අපේක්ෂකයාගේ පොරොන්දු අයවැයෙන් ඉටුවෙමින් තිබෙනවා

December 20, 2014   05:24 pm

විපක්ෂයේ අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදි ඇති පොරොන්දු සියල්ලම රජය 2015 අයවැය තුළින් මේ වන විටත් ඉටුකරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය 2015 අයවැය වාර්තාවේ පිටපතක් බව ද ජනාධීපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළ බව ජනාධිපති ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.

මෙහිදි අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ මැතිවරණයක් පැමිණෙන විට නොයෙක් අය විවිධ පොරොන්දු ලබාදෙන බවයි .

නමුත් එම පොරොන්දු වලට වටිනාකමක් ලැබෙනුයේ ඒවා ඉටු කරන ආකාරය අනුව බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.