ලාහුගල උප සභාපති සහ තවත් 2ක් ආණ්ඩුවට

ලාහුගල උප සභාපති සහ තවත් 2ක් ආණ්ඩුවට

December 20, 2014   04:50 pm

ලාහුගල ප්‍රාදේශිය සභාවේ උප සභාපති තුෂාන් ජයසූරිය ,මන්ත්‍රීවරුන් වන ජී.දයාරත්න සහ ජී.විමලසේන යන මහත්වරුන් මෙවර ජනාධිපතිවරණයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට එක්ව තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අම්පාර ප්‍රදේශයට ගිය අතර එහිදි මෙම පිරිස ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී කටයුතු කළ තමන් මෙවර ජනාධිපතිවරණයට තම පක්ෂ‍යේ අපේක්ෂකයෙකු ඉදිරිපත්වේ යැයි සිතුව ද පක්ෂය ඒ සඳහා කටයුතු නොකර ඇති බව ඔවුන් පෙන්වා දි තිබේ.

එමෙන්ම ඔවුන්ට අද දේශපාලනය කිරිමට සිදුව ඇත්තේ අලියා ලකුණවත් නොමැතිව බව ඔවුන් පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයට රට වෙනුවෙන් කිසිදු මට්ටමේ වැඩපිළිවෙලක් මේ වන තෙක් ක්‍රියාත්මක කිරිමට නොහැකි වු අතර රට ගොඩනැගිමට දැක්මක් ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව ද ඔවුන් මෙහිදි ප්‍රකාශ කළ බවයි ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.

උපසභාපතිවරයා සහ මන්ත්‍රීවරුන් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමත් සමග ලාහුගල ප්‍රාදේශිය සභාව තුළ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබු මන්ත්‍රී ධුර 07 මන්ත්‍රී ධුර 04 දක්වා අඩු වෙයි.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවබ තිබු මන්ත්‍රී ධුර 04 මන්ත්‍රී ධුර 07 දක්වා ඉහළ යනු ඇත.