සිය පුතු ඝාතනය කළ පියා අත්අඩංගුවේ

සිය පුතු ඝාතනය කළ පියා අත්අඩංගුවේ

December 20, 2014   02:13 pm

බලංගොඩ, ගයිවත්ත ප්‍රදේශයේ දි මුගුරකින් පහරදී සිය පුත්‍රයා ඝාතනය කළ 54 හැවිරිදි පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 27 වනදා මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වෙයි.

අදාළ පුද්ගලයාගේ බිරිඳ විසින් පසුගිය 18 වනදා බලංගොඩ පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසියකදි නිවසේ වැසිකිලි වළෙහි තිබි ඊයේ(19) පස්වරුවේ මළ සිරුර සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් දෙදෙනා අතර ඇතිවු බහින් බස්වීමක් දුරදිගයාමෙන් පියා විසින් මෙම ඝාතනය සිදුකර පුත්‍රයාගේ මළ සිරුර නිවසේ වැසිකිළිවළට දමා ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.