ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙයි

ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙයි

December 20, 2014   10:12 am

පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙයි.

පොළොන්නරුව - මඩකලපුව මාර්ගය, ගල්ලෑල්ල සහ මනම්පිටිය ප්‍රදේශ මෙලෙස ජලයෙන් යට වි ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් එම ප්‍ර දේශ වල ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වි ඇති බව පොලිසිය සඳහන් කළේය.

එම මාර්ග භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් ද සිදුකරයි.

මේ අතර බදුල්ල මහියංගණය මාර්ගයට ඊයේ රාත්‍රි 12.00 ට පමණ පස්කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වු බව වාර්තා වෙයි.