ගිනි අවියක් සමඟ 2ක් කොටු

ගිනි අවියක් සමඟ 2ක් කොටු

December 20, 2014   09:16 am

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(19)  පස්වරුවේ ගාල්ල කොට්ඨාෂ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවි ඇති බව සඳහන්ය.

සැකකරුවන් සතුව තිබි බෝර 12 ගිනි අවියක් සහ එම පතොරම් 04ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කරන්දෙණිය හා ඇත්කඳුර ප්‍ර දේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.